Saturday, September 21, 2024

General line - 0115112241

ගුවන් ගමන් 03ක් අදත් පමාවෙයි

ටී කේ ජී කපිල - කටුනායක




කටුනායක ගුවන් තොටුපොළෙන් අද (04) පිටත්ව යෑමට නියමිත ගුවන් ගමන් වාර 03 ක් ප්‍රමාද වන බව නිවේදනය කර තිබෙනවා.

ඒ අලුයම 7.35 ට ඉන්දියාවේ කොචින් බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 165 දරන ගුවන් යානය පිටත්ව යන්නේ දහවල් 12.30 ටය . එමෙන්ම ඉන්දියාවේ චෙන්නායි බලා උදෑසන 8.35 ට පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්129 දරන ගුවන් යානය පිටත්ව යන්නේ උදෑසන 10.10 ටය.

සෞදි අරාබියේ ජෙඩා බලා දහවල් 2.25 ට පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 281 යානය පිටත්ව යන්නේ සවස 5.05 ටය.

ඉන්දියාවට බලපෑ දූවිලි කුණාටුව හේතුවෙන් ඊයේ (03) දිනයේදීද ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද විය.