Saturday, September 21, 2024

General line - 0115112241

කිරි පිටි කිලෝවක මිල රු. 50 කින් ඉහළට (UPDATE)

චම්ලි ඒකනායක / කසුන් කැලුම් / දිනුක් හේවාවිතාරණ




කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 50 කින් හා ග්‍රෑම් 400 ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට අවසර දුන් බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ඩී. ජිවානන්දන්  nethnews.lk වෙත කියා සිටියා.

------------------------------

කිරි පිටි මිල ඉහළ දැමීමට නිර්දේශ

(04-05-2018 10:24)

කිරි පිටි මිල ඉහළ දැමීම සඳහා ජීවන වියදම් කමිටුව විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත නිර්දේශ ඉදිරිපත්කර තිබෙනවා.

ඒ ග්‍රෑම් 400ක කිරි පිටි පැකැට්ටුවක් සඳහා රුපියල් 20කින් සහ කිලෝග්‍රෑමයක පැකැට්ටුවක් සඳහා රු 50කින් ඉහළ දැමීම සඳහාය.

මේ වනවිට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සහ අනෙකුත් අදාල පාර්ශවයන් අතර සාකච්ඡාවක්ද පැවැත්වෙනවා. මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණය එහිදී ගනු ඇති.