Saturday, September 21, 2024

General line - 0115112241

මාතලේ එ.ජා.ප ප්‍රබලයෙක් මැයි රැළිය වර්ජනය කරයි

නිශාන් ද සිල්වා




එක්සත් ජාතික පක්‍ෂය පවත්වන මෙවර මැයිදින රැළියට සහභාගි නොවීමට තමන් තීරණය කළ බව මාතලේ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් අලූවිහාරේ පවසනවා.

ඉකුත්දා සිදු කෙරුණු කැබිනට් සංශෝධනයේදී මාතලේ ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බවයි ඔහු පැවසුවේ. මේ හේතුවෙන් ලබන සඳුදා කොළඹ පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ මැයි දින සැමරුමට එක් නොවන බව ඔහු නෙත් නිවුස් සදහන් කළා.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය දැනුවත් කර ඇතැයිද, තීන්දුවක් නොලැබෙන්නේනම් මැයි රැළියට සහභාගී නොවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ.

රංජිත් අලුවිහාරේ මධ්‍යම පළාත් සභාවේ විපක්ෂනායකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.