Saturday, September 21, 2024

General line - 0115112241

බැසිල්ගේ දිවි නැගුම නඩුව කල් යයි.




දිවි නැගුම අරමුදලේ මුදල් සාපරාධීව සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජූලි මස 17 වැනිදා දක්වා කල් දැමුණා. එ් අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදි අද කැදවූ අවස්ථාවේදියි.

මෙම නඩුව මහාධිකරන විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය මැයි  මස 10 තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව නීතිඥවරු මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා. පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විභාගයක් පැවැත්වීමට නියමිත බවයි නීතිපතිවරයා මෙහිදී මහාධිකරණයට දන්වා සිටියේ. 

පසු ගිය ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම අරමුදලේ මුදල් භාවිත කර ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම තුලින් දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ රුපියල් ම්ලියන 29ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි මෙම පිරිසට චෝදනා එල්ල වුණා.