Thursday, September 19, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල දළදා සමිඳුන් වැඳපුදා ගනියි (VIDEO)



ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද (24) පස්වරුවේ දළඳා සමිඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත්තා.

එම අවස්ථාවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සහ අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩේව් රිචර්ඩ්සන්ද එක් වුණා.

මේ අතර ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයට පෙර කණ්ඩායම් දෙකම පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී සිය පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

එහිදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ දඟ පන්දු පුහුණු උපදේශක ලෙස මුත්තයියා මුරලිදරන් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම වීඩියෝව පහතින් බලන්න

dalada 01 dalada 02 dalada 03