ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටි ශ්රී ලාංකික සරණාගතයින් 14 දෙනෙකු කන්කසන්තුරේට උතුරු මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව විසින්. කාන්තාවන් 03 දෙනෙකු සහ කුඩා දරුවන් සිව් දෙනෙකු ද මෙම පිරිස අතර වනවා. අත්අඩංගුවට ගත් පිරිස සහ ඔවුන් පැමිණි යාත්රාව වැඩිදුර නීතිමය කටයුතු සදහා කන්කසන්තුරේ පොලිසිය වෙත භාරදුන් බවයි නාවික හමුදාව පැවසුවේ.