Wednesday, May 1, 2024

General line - 0115112241

බස් වර්ජනය ස්ථිරයි

පසන් වික්‍රමතිලක




සැලසුම් කළ පරිදි අද (16) මධ්‍යම රාති‍්‍රයේ සිට සිය වර්ජනය ආරම්භ කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා.

ඔවුන් එම තීරණයට එළඹුනේ කැබිනට් මණ්ඩලයේදී අනුමත වූ සියයට 6.56 ක බස් ගාස්තු වැඩිවීම ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන්.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද මේ බව සඳහන් කරනවා.

අවම බස් ගාස්තුව රුපියල් 15ක් සහ සියයට 20ක ගාස්තු වැඩි වීමක් තමන්ද අපේක්ෂා කරන බවයි අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ද මෙම වර්ජනයට සහය පළ කරන බවයි එහි ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයංජිත් කියා සිටියේ.

කෙසේ වෙතත් අද දිනයේ සියලූ පෞද්ගලික බස් සංගම් සමග මේ පිළිබඳ සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බවයි ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ.