Wednesday, May 1, 2024

General line - 0115112241

පෙරියකුලම් ප‍්‍රදේශයේ පිරිවෙනක භික්ෂූන් තිස් නමක් රෝහලේ




ආහාර විෂ වීමක් හේතුවෙන් කැකිරාව පෙරියකුලම් ප‍්‍රදේශයේ පිරිවෙනක භික්ෂූන් වහන්සේලා තිස් නමක් රෝහල් ගත කර තිබෙනවා.

පිරිවෙනෙන් ලබා දුන් ආහාරවේලක් විෂ වී මෙම භික්ෂූන් වහන්සේලා මරදන්කඩවල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ආහාර විෂ වූ තවත් පුද්ගලයින් 16 දෙනෙකුද එම රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.