Wednesday, May 1, 2024

General line - 0115112241

බැලුම්ගල ගවේෂණයකට අනුව සැකකරුවෙක් කොටු




රුපියල් ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුත් අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේදී ඊයේ (15) රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි කොට්ඨාශය විසින්.

නෙත් එෆ් එම් බැලූම්ගල සිදුකළ ගවේෂණයකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී සොයා ගැනුනු මත්ද්‍රව්‍ය ප‍්‍රමාණය ග්‍රෑම් 204කට අධිකයි. සැකකරු කලක් තිස්සේ කොළඹ සහ ඒ අවට ප‍්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

වැඩිදුර ප‍්‍රශ්න කිරිම් සඳහා සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී තිබෙනවා. හෙට (17) ප‍්‍රචාරය වන නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් අනාවරණ කෙරෙන්නේද මේ පිළිබදවයි.