Thursday, September 19, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ පාගමනට එජාපයෙන් පාටියක් !



ඒකාබද්ධ විපක්ෂය මහනුවර සිට පැවැත්වීමට නියමිත පාගමනේ පැමිණෙන පිරිස සඳහා කෑගල්ලේ දී පාටියක් දෙන බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් සඳහන් කර තිබෙනවා.

එම පක්ෂයේ සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳ ප්‍රධානියාගේ ෆේස්බුක් ගිණුමේ ද සඳහන් කර ඇත්තේ ලක්ෂයක් වැනි පිරිසක් පැමිණිය හොත් පාටියක් දෙන බවයි.

මිලියනයක් පමණ පිරිසක් පැමිණියහොත් එය ලබා දීමට නොහැකි වනු ඇතැයි ද ඔහු තම ෆේස්බුක් සටහනේ සඳහන් කර තිබෙනවා.

මෙම පාටිය සම්බන්ධයෙන් විවිද අදහස් මතුව ඇති අතර ඇතැමුන් ඊට පිළිතුරු දෙමින් සඳහන් කර ඇත්තේ මෙය කුරුඳුපොලු ප්‍රහාරයක් විය හැකි බවයි.

මේ පිළිබඳව පළවී ඇති ෆේස්බුක් සටහන් පහතින් දැක්වෙනවා.

Capture

Capture2