Thursday, September 19, 2024

General line - 0115112241

නුවර ඉඳන් පයින් ඇවිත් ‘කරගැට‘ ආවලු – ජොන්ගෙන් ආයෙත් අමුතු කතාවක්



ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පාද යාත්‍රාව සම්බන්ධයෙන් මේ දිනවල පක්ෂ විපක්ෂ දේශපාලඥයින් බොහෝ දෙනෙක් සිය අදහස් පළකරනවා.

අමාත්‍ය ජෝන් අමරතුංග මහතාද ඒකාබද්ධ විපක්ෂයේ මෙම පාද යාත්‍රාව සම්බන්ධයෙන් ඊයේ පැවති ජනහමුවකදී සිය අදහස් පළකලා.

එහිදී ඔහු මෙසේ සිය අදහස් පළකළා.

‘‘විපක්ෂයේ කල්ලිය එනවලු පා ගමනක්. ඉතිං ඒක හොදයි. ඒ මිනිස්සු නිකංනේ ඉන්නේ. මොනවහරි කරන්න එපැයි. ඒක දේශපාලන ක්ෂේත්‍රයේ තියන අයිතියක්.තමුන්ට පයින් නෙමෙයි ඔලුවෙන් හරි හිටන් ආවත් අපේ විරොධයක් නෑ.

ඒ කාලේ මට මතකයි අපිත් නුවර ඉඳන්ම පයින් ආවා.මමත් ආවා පයින් කොළඹට එනකොට කරගැට තිබුණා.ඉතිං ඒ අවාට ඒ ආණ්ඩුව වැටුනේ නෑ.මේ කණ්ඩායමක් කෑකො ගහගෙන පයින් ආවාට මේ ආණ්ඩුව හොලවන්න බෑ.

මම කිව්වා අපේ නායකයින්ට හොදට එන්ඩ අරින්න කියලා.මගදි පුලුවන්නම් අපි තේ පැන් සංග්‍රහයකුත් දෙමු ඒ මිනිස්සුන්ට කියලා.

ඔහොම ඇවිද ඇවිද හිටපුවාදේ අවුරුදු 5ක්.අවුරුදු 4 අවසාන වෙනකොට ඒ ගිය මිනිස්සු හොයාගන්නත් නැතිවෙයි
ඇයි ඉතිං වෙහෙස මහන්සිවෙලා ඇවිදලා අව්වේ ගිහිල්ලා තෙමිලා ලෙඩ හැදිලා මොනවා වෙයිද දන්නෑ ඒ අයට‘‘