තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 ක් අද (25) අළුයම විවෘත කළ බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරනවා.
ඒ අනුව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 03 ක් අඩි 03 බැගින්ද, වාන් දොරටු 08 ක් අඩි 01 බැගින් සහ වාන් දොරටු 06 ක් අගල් 06 බැගින් විවෘත කර තිබෙනවා. ඒ අනුව තබ්බෝව ජලාශයේ වාන් දොරටු වලින් විනාඩියකට ජලය ඝන අඩි 5750 ක් මී ඔයට මුදා හරිනු ලබනවා.
මේ හේතුවෙන් මී ඔයේ පහල කොටසේ පදිංචිකරුවන් විමසිල්ලෙන් පසුවන්නැයි ආපදා කළමණාකරන ඒකකය දැනුම් දී සිටිනවා.