Friday, January 3, 2025

General line - 0115112241

එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කළ "ඥාණසාර හිමියන්ට හිමිවිය හැකි උපරිම දඬුවම" මෙන්න

චම්ලි ඒකනායක




මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳවන සන්ද්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී 2016 ජනවාරි 25දා බැන වැදී තර්ජනය කර බියවැද්දීමේ චෝදනාවට, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වරදකරු බවට හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (24) තීන්දු කෙරුණා. දඬුවම් නියම කිරීම ලබන මස 14දා සිදු කෙරෙනබවයි එහිදී ප්‍රකාශ කෙරුනේ.

දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ උන්වහන්සේට එරෙහිව හෝමාගම පොලිසිය මගින් නඩු පවරනු ලැබ තිබුණා.

මෙම චෝදනාවන්ට වරදකරුවකු වන්නෙකුට උපරිම දඬුවම ලෙස වසර දෙකක සිර දඬුවමක් සහ දඩයක් නියම කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන්ව ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා nethnews.lk කළ විමසීමේදී පෙන්වා දුන්නේ. මෙම සිර දඬුවම අත්හිටුවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නා.

මෙම තීන්දුවට එරෙහිව උන් වහන්සේට අභියාචනයක් ගොනු කිරීමේ හැකියාවද පවතිනවා.