ඇවන්ට් ගාඩ් ගණුදෙනුවට අදාළව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේ පවතින නඩු කටයුතු අත්හිටුවන ලෙසට ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ ප්රතිශෝධන පෙත්සම මැයි මස 31 දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (25) නියෝග කළා. මෙම පෙත්සම මීලඟ දින අභියාචනාධිකරණයේ වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවීමට සභාපති විනිසුරු ප්රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර තීරණය කළා.
ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේ නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ මූලික විරොධතා ප්රතික්ෂේප කිරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය ලබා දුන් තීන්දුවක් අත් හිටුවන ලෙසට ද ගෝඨාභය රාජපක්ෂ මෙම ප්රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා සිටියා. ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයුතු සහගත ලාභයක් ගෙන දෙන ආකාරයට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කර ඇති බවට වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා. එ
හිදී නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශවය විසින් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා ප්රතික්ෂේප කොට නඩුව විභාගයට ගැනීමට ප්රධාන මහේස්ත්රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබුණා.