Saturday, May 11, 2024

General line - 0115112241

නියෝජ්‍ය කතානායක නම් කිරීමට දෙමළ සන්ධානයේ විරෝධය

හේමන්ත කහවලගේ




එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් නියෝජ්‍ය කතානායක ධුරය සදහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර අංගජන් රාමනාදන්ගේ නම කතානායකවරයා වෙත යෝජනා කර තිබෙනවා. ඔහුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තු ආසනයක් හිමි වූයේ ජාතික ලැයිස්තුවෙන්. කෙසේ වෙතත් මෙම යෝජනාවට දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කර තිබෙනවා.

මේ වන විට නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස කටයුතු කරන දෙමළ ජාතික සන්ධානයේ සෙල්වම් අඩික්කලනාදන්  නියෝජ්‍ය කථානායක ධුරයට පත් කරන ලෙසයි එම සන්ධානය ඉල්ලා ඇත්තේ. ජ්‍යෙෂ්ඨත්වය මත සෙල්වම් අඩික්කලනාදන්ට එම ධුරය හිමිවිය යුතු බව එම සන්ධානය සදහන් කර තිබෙනවා.

ජාතික ආණ්ඩුවෙන්  ඉවත් වීමත් සමග නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තිලංග සුමතිපාල ඉකුත්දා තිරණය කළා. මෙම තීරණයත් සමග එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් නියෝජ්‍ය කථානායක ධුරය සදහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන්ගේ  නමද මීට පෙර යෝජනා කළා.