Thursday, September 19, 2024

General line - 0115112241

එංගලන්තයෙන් ඇවිත් ලංකාවෙ හිඟාකන සුදු කෙල්ල…



වයලීනයක් වාදනය කරමින් සිඟමන් යැදි බ්‍රිතාන්‍ය තරුණියක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හි සමර් ටවුන් හි පදිංචිකාරියක වන 24 හැවිරිදි මෙම තරුණිය රාවණා ඇල්ල ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර අයිනේ වයලීනයක් වයමින් සිටියදීය. ඇය මසක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය ජූලි 08 දාය. ඊයේ (24) ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන පසුව අවවාදකර මුදාහැර තිබෙනවා.

තරුණිය පොලිසියට අනාවරණය කර ඇත්තේ තමාගේ එදිනෙදා වියදම් සඳහා මුදල්වල හිඟයක් ඇති වී තිබෙන බවත් එය සපුරා ගැනීම සඳහා මෙලෙසින් මුදල් ඉපයීමට කටයුතු කළ බවත්ය.

1948 අංක 20 දරණ ආගමන හා විගමන පනතේ ප්‍රතිපාදනවලට අනුව මෙරටට පැමිණෙන සංචාරකයින්ට හිඟා කෑම සපුරා තහනම් කොට ඇත.