Thursday, September 19, 2024

General line - 0115112241

මාගේ සහයෝගයත් ඕස්ට්‍රේලියාවටයි – පුතු වෙනුවෙන් මුරලිගේ පියා කට අරී!



සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිලිබඳව මේ දිනවල බොහෝ දෙනා කතා කරනවා.

ඒ ශ්‍රිලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියදී ඕස්ට්‍රේලියානු කණ්ඩයමේ දඟ පන්දු පුහුණකරුවෙකු ලෙස මුරලි තෝරාගැනීමත් සමගයි.

ඊයේ දිනයේ මුරලිදරන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට බලෙන් පිවිස කිසිදු අවසරයකින් තොරව ඕස්ට්‍රෙලියානු කණ්ඩායමට පුහුණු කර ඇතැයිද මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම මෙම ටෙස්ට් තරගාවලිය වෝන් – මුරලි කුසලානය ලෙස නම් කර තිබියදී ප්‍රතිවාදී පිළ වෙනුවෙන් පෙනී සිටිම සදාචාරාත්මක නොවන බවයි ශ්‍රිලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් මුරලිදරන්ගේ පියා වන සින්නසාමි මුත්තයියා මේ චෝදනා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු වෙබ් අඩවියක් හා අදහස් දක්වා තිබුණා.

ඔහු එහිදී පවසා ඇත්තේ තමාගේ සහයෝගය ශ්‍රීලංකාව සමග පැවති බවත්,දැන් තමාගේ සහයෝගය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවන බවත්ය.

ඔහු තම පුතු වන මුරලි ධෛර්යමත් කරන බව ද එහිදී පවසා තිබෙනවා.

එමෙන්ම මුරලිගේ පුහුණුකාරීත්වය යටතේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක O’Keefe ශ්‍රීලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිළ හා පැවති පුහුණු තරඟයේදී කඩුලු 10 ලබාගැනීම සම්බන්දව අභිමානයෙන් යුතුව කතාකොට තිබෙනවා.

කුමාර් සංගක්කාර මහෙල් ජයවර්ධන එමෙන්ම මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයන් සමුගත් නිසාද,දේශපාලනීකරනය වීම නිසාද ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අද පවතින තත්වය උද්ගත වී ඇති බව ඔහු පවසවා.

මෙය මුරලිගේ ආශාවක් බවත් ශ්‍රී ලංකා පිළට දගපන්දු උපදේශකවරයෙක් සිටින බවත් ඔහු පවසා තිබෙනවා.