Friday, May 17, 2024

General line - 0115112241

ගිනි කන්දක් පුපුරා ගොස් ජීවිත රැසක් බිලි ගනී (VIDEO)

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ගෝතමාලාවේ සුවේගෝ ගිනි කන්ද පුපුරායාම හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ සංඛ්‍යාව සියයකට අධිකයි.

මේ හේතුවෙන් ගුවන් ගමන්වලටද දැඩි බාධාවක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්. ගිනි කන්ද පුපුරායාමත් සමග කලූ දුමාරය අහස පුරා පැතිරී යාම ඊට හේතුවයි.

ගෝතමාලා නගරයේ පිහිටි ලා අරෝරා ජාත්‍යන්තර ගුවන් තොටුපලද මේ වනවිට වසා දමා තිබෙනවා.