Saturday, May 4, 2024

General line - 0115112241

තරුණියක් ප්‍රසිද්ධියේ සිපගත් ජනපතිට චෝදනා

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දකුණු කොරියාවේ සේවය කරන පිලිපීන තරුණියක් ප‍්‍රසිද්ධියේ සිප ගැනීම සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ට් හට චෝදනා රැසක් එල්ල වනවා. ඔහු මෙලෙස මෙම තරුණිය සිප ගෙන ඇත්තේ දකුණු කොරියාවේ සංචාරය නිරත වී සිටින අතරතුරයි.

එරට සේවය කරන පිලිිපීන සේවකයින් පිරිසක් සහ ජනාධිපතිවරයා අතර හමුවකදීයි මෙම සිදුවීම සිදුව තිබෙනවා. රැස්ව සිටි පිරිස අමතමින් සිටි ජනාධිපති ඩුටර්ට් කාන්තාවන් දෙදෙනෙකු තමන් ළඟට කැඳවා ඉන් එක් කාන්තවක් හට තමන්ව සිප ගන්නා ලෙස පවසා තිබුණා.

එම අවස්ථාවේදී එහි සිටි සේවකයින් පිරිස ජනාධිපතිවරයාට පක්ෂව ඔල්වරසන් දුන්නද එම අවස්ථාව විදෙස් මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධ වීමත් සමගම ජනාධිපතිවරයාට විරුද්ධව චෝදනා එල්ල වන බවයි වාර්තා වන්නේ.