Thursday, September 19, 2024

General line - 0115112241

පල්ලෙකැලේ සිදුවීම ගැන මුරලිගෙන් නෙත් නිවුස් වෙත ප‍්‍රකාශයක්



ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීම් උපදේශකයෙකු ලෙස කටයුතු කරන මුත්තයියා මුරලිදරන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායකට බැණවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් මුරලිදරන්ගෙන් විමසීමක් කළා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මාධ්‍ය අමතමින් ඊයේ (24) පැවසුවේ මුරලිදරන් පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුට බැණ වැදී ඇති බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් මුත්තයියා මුරලිදරන්ගෙන් කරුණු විමසුවා. එහිදී ඔහු පැවසුවේ එවැනි සිදුවීමක් ඇති නොවූනු බවත් මෙය දේශපාලනික වාසි ලබාගැනීම සඳහා ගොඩ නගන කතාවක් බවයි.

එම සංවාදය පහතින් ඇසිය හැකියි.