සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙසෙල්වත්ත දිනුකගේ ප්‍රධානතම ගෝලයෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
කෙසෙල්වත්ත දිනුක නමින් හඳුන්වන මෙම ප්‍රධාන අපරාධකරු දැනට විදේශ ගතව සිටින බවයි පොලිසිය අනාවරණය කරගෙන සිටින්නේ.
ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මෙරට ප්‍රධානතම ගෝලයෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර ඒ හෙරොයින් ග්‍රෑම් 10ක පමණ ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටියදීයි.
කෙසෙල්වත්ත ගුණසිංහපුර නිවාස සංකීර්ණය අසළදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මෙම සැකකරු ග්‍රහණයට ගෙන තිබුණා.
සැකකරු නානායක්කාර වේරගොඩ විදානගේ අසංක සංජීව නැමැති වයස අවුරුදු 33ක් වන කොළඹ 12 සෝන්ඩස් පෙදෙස පදිංචිකරුවෙක්.