Saturday, May 4, 2024

General line - 0115112241

සරාගී නිලි කිම් ට ට්‍රම්ප්ගෙන් පිළිතුරු (VIDEO)

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක ප‍්‍රකට සරාගී නිලියක වන කිම් කාඩේෂියන් ඉකුත් දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හමුවී විශේෂ ඉල්ලීමක් සිදු කළා.

ඒ අවුරුදු 22ක් සිරගතව සිටින ඇයගේ මිත්තණියට නිදහස ලබා ගැනීමේ අරමුණෙන්.

එම ඉල්ලීම සලකා බලමින් ඊට ප්‍රතිචාර දැක්වීමට ඩොනල්ඩ් ට‍්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අදාළ කාන්තාවකට නිදහස ලබාදීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කළා. 

විෂ නොවන මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බවට ඇයට 1996දී ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරුණා. ඇලිස් මාරි නම් වූ ඇය නිදහස් කර ගැනීම සඳහා ඉකුත්දා කිම් කාඬේෂියන් ධවල මන්දිරයේදී ට‍්‍රම්ප් මුණගැසීම, ලොව පුරා ඇති කළේ දැඩි කතාබහක්.