Thursday, September 19, 2024

General line - 0115112241

දියණියගේ බොඳවූ ‘සිහිනයේ‘ දුකට මවගෙන් අසල්වැසි පුතාට බෝම්බ!



තම දියණියගේ උසස් අධ්‍යාපන සිහිනය බොඳවූවායි කියා දියණියගේ මව, උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගතවීමට සිටි අසල්වාසියකුගේ පුතෙකු හට කළ අපූරු වැඩක් පිලිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ දියණිය උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයකට ඉල්ලුම් කර ඇති අතර එහිදි ඇගේ ඉල්ලුම්පත ප්‍රතික්ෂේප වී තිබෙනවා.

කෙසේ නමුත් මේ අතර මෙම කාන්තාවගේ අසල්වාසියෙකුගේ පුතෙකුද එම විශ්ව විද්‍යාලයටම තේරී පත්ව තිබෙනවා.

මෙයින් කොපයට පත් මෙම කාන්තාව මෙම තරුණයා විදේශගත වන අවස්ථාවේ ගුවන්තොටුපළට අමතා ප්‍රකාශ කොට ඇත්තේ මෙම තරුණයා පුපුරන දුව්‍ය, බෝම්බ රැගෙන ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත් පොලීසිය විසින් කළ පරික්ෂා කිරිම් වලදි මෙය සාවද්‍යක් බවට ඔප්පු වී තිබෙනවා.

සාවද්‍ය තොරුතුරු සපයා පොලීසිය නොමග යැවීම සම්බන්ධයෙන් මෙම කාන්තාව එරට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.