Saturday, May 4, 2024

General line - 0115112241

"අයිස්" ගසා ගුවන් යානයක් පැහැර ගැනීමට ගිය ලාංකික සිසුවාට වසර 12 ක සිරදඩුවමක්

දිනුක් හේවාවිතාරණ




ගුවන් යානයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ශ්‍රී ලාංකිකයෙකුට අද (07) ඕස්ට්‍රේලියානු අධිකරණයක් මගින් වසර 12ක සිර දඩුවම් නියම කළා.

පසුගිය වසරේ මැයි මාසයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට මැලේසියාවේ ක්වාලා ලම්පුර් දක්වා ගමන් කරමින් තිබු MH-128 ගුවන් යානය පැහැර ගැනීමට තැත් කර ඇත්තේ තමන් සතුව බෝම්බයක් තිබෙන බවත් තමන්ට ගුවන් යානයේ නියමුවා සමග කතා කිරීමට අවශ්‍ය බව පවසමින්ය. 

කෙසේ වුවත් නියමුවා විසින් ගුවන් යානය යලිත් මෙල්බර්න් ගුවන් තොටුපලට ගොඩ බැස්වීමට සමත් වූ අතර ඉන් පසුව 26 හැවිරිදි මනෝද් මාර්කස් නම් ශ්‍රී ලාංකිකයා එරට් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුනා.

මොහු ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය විසා හිමි අයෙක් බවට අනාවරණය වූ අතර පසුව හෙලිවුයේ ඔහු මානසික ආතතියෙන් පෙලෙන බැවින් මානසික රෝගී සායනයකටද සහභාගී වන බවයි. පසුව හෙළිවී ඇත්තේ ඔහුට එවැනි මානසික ආබාධයක් නොමැති බවයි.

කෙසේ වුවත් සිදුකල විමර්ශනයන් වලදී හෙළිවී ඇත්තේ ඔහු ගුවන් යානය පැහැර ගැනීමට තැත් කල දිනයේදී ගුවන් තොටුපලට යන මාර්ගයේදී "අයිස්" නමින් හදුන්වන ක්‍රිස්ටල් මෙත් නම් මත්ද්‍රවය භාවිතා කර ඇති බවයි. ඒ හේතුවෙන් ඔහු උමතුවෙන් මෙන් හැසිරී ඇති බවයි.

මෙම නඩුව විභාග කල වික්ටෝරියා මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රී ලාංකික සිසුවාට වසර 12ක සිර දඩුවම් නියම කරමින් කියා ඇත්තේ " ගුවන් යානයේ සිටි මගින් මෙන්ම කාර්ය මණ්ඩලයත් ඔබ සතුව බෝම්බයක් ඇතිව සිතුවත් ඔබ සතුව එවැනි දෙයක් නැති බව ඔවුන් දැනන් නොසිටි බවයි".

ඕස්ට්‍රේලියාවේ ගුවන් යානයක් පැහැර ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවෙක් බවට පත්වූ පළමු පුද්ගලයා වන්නේද මොහු බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.