පර්පචුවෙල් ටේරෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් මහජන නියෝජිතයන් පිළිබඳ කිසිඳු ලේඛණයක් බැඳුම්කර වාර්තාවේ නැතැයි කථානායක කරු ජයසුරිය මහතා අද (07) කියා සිටියා.
කථානායකවරයා ඒ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතා කළ ප‍්‍රකාශයකදීයි. මෙහිදී කථානායකවරයා කියා සිටියේ පදනම් විරහිත චෝදනා පැතිර විමෙන් වලකින මෙන් මාධ්‍යයෙන්ද ඉල්ලා සිටින බවයි. මෙම පදනම් විරහිත චෝදනාව හේතුවෙන් අල්ලස් ලබා නොගත් මන්ත්‍රීවරුන් ගේ මෙන්ම පාර්ලිමේන්තුවේද ගෞරවයට මෙරට මෙන්ම අන්තර්ජාතිකව කැළලක් එකතුවී ඇති බවද කථානායකවරයා කියා සිටියා.
මෙහිදී විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මෙහිදී අතුරු ප‍්‍රශ්ණ කිහිපයක් මතු කළා. අර්ජුන් ඇලෝසියස් ගේ ගිණුමෙන් චෙක්පත් 166 ක් මාරුවී ඇති බවත් ඒ පිලිබදව වාර්තාවක් කථානායකවරයා වෙත ලැබී ඇත්ද යන්න ගැන විමසා සිටියා.
බැඳුම්කර වාර්තාව සම්පූර්ණයෙන් ප‍්‍රසිද්ධ නොකර කොටස් වශයෙන් ප‍්‍රසිද්ධ කිරිම පිළිබඳවද මෙහිදී ප‍්‍රශ්ණ කෙරුණා.
මෙහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ බැදුම්කර වාර්තාවේ C-1 සිට C-349 දක්වා කොටස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම ගැන කථානායකවරයා ගෙන් විමසා සිටි අතර මන්ත්‍රීවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාව පාර්ලිමේන්තුව හමුවට කැදවිය යුතු බවයි.
අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයාගේ මෙම ප‍්‍රශ්ණවලටද කතානායක කරු ජයසූරිය මහතා ප‍්‍රතිචාර දැක්වුවා.