Saturday, December 28, 2024

General line - 0115112241

බන්දුලගේ 2,500න් පාර්ලිමේන්තුව යළිත් උණුසුම්




ජීවන වියදම වැඩි වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප‍්‍රකාශයකට අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී අද (07) ප‍්‍රතිචාර දැක්වුවා.
 

රාජපක්ෂ පාලන සමයේ සිට වර්ථමාන ආණ්ඩුව පාලනයට පැමිණීමෙන් පසු වෙළදපලේ පවතින බඩු මිල සම්බන්ධයෙන් මෙහිදී මංගල සමරවීර ඇමතිවරයා තොරතුරු දැක්වුවා. එහිදී ඔහු කියා සිටියේ දැනට වෙළදපලේ මිල ඉහල ගොස් ඇත්තේ පොල් වල බවත් ඉදිරියේදී පොල් මිල අඩුවෙනු ඇති බවයි. ඊට අමතරව සහල්, අර්තාපල්, සිනි වැනි අත්‍යවශය භාණ්ඩ වල මිල පහළ ගොස් ඇති බව ඔහු කියා සිටියා.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන අදහස් දැක්වුවා. එහිදී ඇතිවුයේ මෙවන් සංවාදයක්.

 

මේ අතර පොදු ව්‍යපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති ඒකඡන්දයෙන් අද යළි තේරී පත්වුණා. ඒ, අද පස්වරුවේ පැවැති 8වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ පළමු කෝප් කාරක සභා රැස්වීමේදීයි. රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද අද ඒකඡන්දයෙන් යළි තේරි පත්වුණා.