කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ක‍්‍රීඩා භාර ආචාර්යවරයාට මවුපියන් නගන චෝදනා සම්බන්ධයෙන් හෙට (08) විමසා බලන බව එම විද්‍යලයීය වැඩබලන විදුහල්පති චානක බමුණුආරච්චි පවසනවා. කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් භාරව කටයුතු කරන්නේද මෙම ආචාර්යවරයායි.
විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සහ ඔවුන් තෝරාගැනීමට පවත්වන සම්මුඛ පරීක්ෂණ සාධාරණ නොමැති බවට මවුපියන් චෝදනා කරන බව නෙත් නිවුස් අද (07) උදෑසන අනාරවණ කළා.
ඊට ප‍්‍රතිචාර දක්වමිනුයි වැඩලබන විදුහල්පතිවරයා මවුපියන් සමග හෙට සාකච්ඡාවක් කැඳවා ඇත්තේ.
..............................................................................................................................................................................
කොළඹ ඩි එස් විදුහලට දෙමව්පියන්ගෙන් චෝදනාවක්
කොළඹ ඞී එස් සේනානායක විද්‍යාලයේ ක‍්‍රීඩා භාර ආචාර්යවරයාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් විද්‍යාලයීය සිසුන්ගේ මව්පියන් දැඩි විරෝධයක් පළ කරනවා. විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් භාරව කටයුතු කරන්නේද මෙම ආචාර්යවරයායි. ශිෂ්‍ය නායකයින් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සහ ඔවුන් තෝරාගැනීමට පවත්වන සම්මුඛ පරීක්ෂණයක් මෙම තත්වයට හේතු වී තිබෙනවා. ශිෂ්‍ය නායකයින්ට රාජකාරී පැවරීම සිදු වන්නේ ඔවුන් කොටස් තුනකට වෙන්කර බවයි මව්පියන් පවසන්නේ.
උසස් පෙළ සිසුන් අතරින් අලූතින් ශිෂ්‍ය නායකයින් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ නොපවත්වන ලෙසට අවස්ථා කිහිපයකදී සිසුන්ගේ මව්පියන් මෙම ආචාර්යවරයාගෙන් ඉල්ලීම් කර තිබෙනවා. ඒ, ඉදිරියේදී පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය හේතුවෙන්. දැන් සිටින ශිෂ්‍ය නායකයින්ගේ කාලය අවසන් වන්නේ ඔක්තෝබර් මාසයේයි. තවත් කල් තිබියදී සිසුන්ගේ අධ්‍යාපනයට ද බාධා වන පරිදි ශිෂ්‍ය නායකයින් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සිදුවන බවටයි මව්පියන් චෝදනා කරන්නේ. ඒ සම්බන්ධයෙන් ඔවුන් අධ්‍යාපන අමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.