Saturday, December 28, 2024

General line - 0115112241

නකල්ස් ගැන ප‍්‍රශ්ණ කිරිමේදී කිරිඇල්ල මාධ්‍ය හමුවෙන් නැගිට යයි

පසන් වික්‍රමතිලක




නකල්ස් රක්ෂිත ප‍්‍රදේශය තුළ කිසිඳු ඉදිකිරීමක් හෝ ව්‍යාපෘතියක් මේ දක්වා ආරම්භ කර නැතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද කියා සිටියා. ඒ, නකල්ස් රක්ෂීතය ආශී‍්‍රත ඉඩම් පෞද්ගලික පරිහරණයට පවරා දී ඇතැයි පාර්ශව රැසකින් එල්ල වන චෝදනාවලට මාධ්‍ය හමුවකදී ප‍්‍රතිචාර දක්වමින්.

ඉදිරියේදීද නකල්ස් රක්ෂිත ප‍්‍රදේශය තුළ කිසිඳු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර නැතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිිරිඇල්ල මෙහිදී ප‍්‍රකාශ කළා. කෙසේවෙතත් මාධ්‍යවේදීන් ඒ පිළිබඳ දිගින් දිගටම කළ ප‍්‍රශ්ණ කිරීම් හමුවේ අමාත්‍යවරයා මාධ්‍ය හමුවෙන් නැගිට ගියා.