Monday, May 13, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් 140 ක් මරුට

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




බංග්ලාදේශය සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම්වලින් පසු පුද්ගලයින් 140 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා. එම වැටලීම් දැඩි කෙරුණේ එරට රජය ආරම්භ කළ දැඩි ප‍්‍රතිපත්ති අනුවයි. 

මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැණුනු සංඛ්‍යාව 18,000 කට අධිකයි. මියගිය පුද්ගලයින් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් අතර බොහෝ පිරිසක් කෘතීම මත්පෙති භාවිත කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. මත්ද්‍රව්‍ය හිගවීමත් සමග බංග්ලාදේශයේ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන් රැසක් අසහනයෙන් පෙළෙන බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.