Sunday, May 12, 2024

General line - 0115112241

ප‍්‍රංශ රජයෙන් දුරකතන තහනමක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාසල් ළමුන් සදහා ජංගම දුරකතන හාවිතය තහනම් කිරිමට ප‍්‍රංශ රජය සුදානම් වනවා. විදෙස් වාර්තා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාවට පක්ෂව එරට නිති සම්පාදකයන් අත්සන් තබා ඇති බවයි. 

ප‍්‍රංශ සෙනට් මණ්ඩලයෙන්ද අදාළ යෝජනාව සම්මත වුවහොත් ප‍්‍රංශය තුල පාසල් සිසුන් සදහා ජංගම දුරකතන  භාවිතය තහනම් වනු ඇති. ජනාධිපති එම්මානුවෙල් මැක්රන්ගේ මැතිවරණ පොරොන්දුවකට අනුව මෙම තහනම යෝජනා කෙරුණා. 

අදාළ තහනම නීතියක් ලෙස සම්මතවුවහොත් අවුරුදු 15ට ඉහල සිසුන්හට පාසල් පරිශු තුලදි ජංගම දුරකතන භාවිතය තහනම් වනු ඇති. එසේම ගුරුවරුන් හටද සිය රාජකාරි වේලාව තුලදි ජංගම දුරකතන භාවිතය තහනම් වනු ඇති බවයි පැවසෙන්නේ.