Monday, April 29, 2024

General line - 0115112241

ඓතිහාසික සාකච්ඡාවට පෙර ට‍්‍රම්ප්ගෙන් ප‍්‍රකාශයක්

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සාමය සඳහා ඉතා ආසන්න බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ඒ, උතුරු කොරියාව සමඟ පැවැත්වෙන ඓතිහාසික හමුවට පෙර අදහස් දක්වමින්. දෙරටේ නායකයින් අතර පැවැත්වෙන මෙම හමුව ඉතා සාර්ථක වනු ඇති බවට අමෙරිකාව ද දැනටමත් බලාපොරොත්තු තබා අවසන්.

ලොවම බලා සිටින ඓතිහාසික සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සිංගප්පූරුවට අද (10) පැමිණියා. 

සමුළුවට පෙර දෙරටේම නායකයින් සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. 

අමෙරිකානු - උතුරු කොරියානු නායකයින්ගේ පළමු හමුව සිංගප්පුරුවේ සැන්තෝසා දුපතේදී අනිද්දා සිදු වනවා.