Monday, May 6, 2024

General line - 0115112241

සංක‍්‍රමණිකයින් 629ක් සමඟ පැමිණි යාත‍්‍රාවකට ඉතාලිය දොර වසයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සංක‍්‍රමණිකයින් 629 දෙනෙකු රැගෙන පැමිණි යාත‍්‍රාවක් භාර ගැනීම ඉතාලිය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම සංක‍්‍රමණිකයින් පැමිණ ඇත්තේ ලිබියාවේ සිටයි. ඉතාලිය යනු මධ්‍යදරණී මුහුදු හරහා පැමිණෙන සංක‍්‍රමණිකයින් ඇතුළු වන ප‍්‍රධාන රටක්. ජර්මනියේ සහන සේවා ආයතනයක් විසින් මධ්‍යදරණී මුහුදේදී මෙම සංක‍්‍රමණිකයින් පිරිස සිය භාරයට ගනු ලැබ තිබුණා.