Thursday, September 19, 2024

General line - 0115112241

‘සොහොයුරාගේ‘ ප්‍රකාශයෙන් ඔබාමාගේ හිස ගිනි ගනී!



මීළඟ ජනාධිපතිවරනයේදී තමා ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් සිය මනාපය පලකරන බව ඇමරිකානු ජනපති බැරැක් ඔබාමාගේ සොහොයුරෙකු වන මලික් ඔබාමා පවසනවා.

තමාට ඩොන්ල්ඩ් ට්‍රම්ප් ජනපති වීමට දැකිම අවශ්‍ය බවයි මලික් ඔබාමා පවසන්නේ.

‘ඔහු හදවතින්ම කතා කරනවා.ඒ නිසා ඔහුට මා කැමතියි‘..මලික් ඔබාමා වැඩිදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම ඔහුට ඇමරිකාව නැවත් නගාසිටුවිය හැකි බවත් ඔහුව මුන ගැසීමට තමා කැමැත්තෙන් පසුවන බවත් ඔහු ප්‍රකාශ කරනවා.

ඇමරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස පැවැත්වීමට නියමිත අතර එහිදී බැරැක් ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන ජනපති අපේක්ෂිකාව ලෙස හිලරි ක්ලින්ටන් තරඟ වදින අතර, ඇයගේ ප්‍රධාන විරුද්ධවාදියා වන්නේ රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්පුයි.

කෙසේ වෙතත් බැරැක් ඔබාමාගේ සොහොයුරාගේ මෙම ප්‍රකාශය ලෝ පුරා බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.