Monday, April 29, 2024

General line - 0115112241

යාපනය මුහුදේ ගිනි ගත් නෞකාවේ අනන්‍යතාව හෙළිවෙයි (PHOTOS) (UPDATE)

මාධව කුලසූරිය




යාපනය, කන්කසන්තුරය, මයිලිටි ධිවර වරායේ නවතා තිබූ පැරණි නැවක් අද (18) අලුයම ගිනි ගැනීමට ලක්ව ඇති බව කන්කසන්තුරය පොලිසිය පැවසුවා.

පොලිසිය පැවසූවේ නැවේ භාණ්ඩ කිසිවක් නොතිබු අතර කාර්මික දෝෂයකට ලක්ව අදාළ නැව මයිලිටි වරායේ පැවති බවයි.

කාලයක් තිස්සේ නැව වරායේ තිබි ඇති අතර අද අලුයම ගිනි ගැනීමට ලක්ව ඇති බව පැවසුවා.

පොලිසිය පැවසූවේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, ලාංකික ව්‍යාපාරිකයෙකුට අයිති නැවක් එලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි.

මීට පෙර නැව ඉන්දියාවේ සිට ලංකාව දක්වා සිමෙන්ති ප්‍රවාහනය කොට ඇති බවට අනාවරණය වි ඇති බවද සඳහන්.

යාපනය මහ නගර සභා ගිනි නිවන භටයින් හා නාවික හමුදා ගිනි නිවන කණ්ඩායම් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කොට තිබෙනවා.

 

------------------------------

යාපනය මුහුදේ අතහැර දැමූ නෞකාවක් ගිනි ගනී

(18-06-2018 12:08)

 

යාපනය, මයිලඩ්ඩි වරායට ආසන්න මුහුදේ නෞකාවක ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වෙනවා.

nethnews.lk වාර්තාකරු සඳහන් කළේ මෙම නෞකාව අතහැර දැමූ එකක් බවයි.