Monday, April 29, 2024

General line - 0115112241

සැකයක් මත කපුවා සහ සැකකරුවන් දෙදෙනා තනි තනිව රඳවයි

නිශාන් ද සිල්වා




කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් තිදෙනා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට අද (18) අළුයම රැගෙන ගොස් තිබෙනවා.

ඔවුන් මේ වනවිට විශේෂ සිර මැදිරි 03ක වෙන් වෙන්ව රඳවා සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඊට හේතු වී ඇත්තේ වෙනත් රැඳවියන්ගෙන් ඔවුන්ට කිසියම් පහරදීමක් සිදුවනු ඇත්දැයි යන සැකය හේතුවෙන්. 

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතරට සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන මහසෙන් දේවාලයේ කපු ධුරය දැරූ පුද්ගලයා ද අයත්.