Monday, April 29, 2024

General line - 0115112241

නියෝජ්‍ය ඇමතිකම ගැන මන්ත්‍රි බුද්ධික කියූ කතාව

හේමන්ත කහවලගේ/ තරංග රුක්ෂාන් ජයසේකර




පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ජනාධිපති ලේකම්වරයා වෙත දුරකතන ඇමතුමක් ලබාදී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබෙන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමසා බැලීම එහි අරමුණ බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

විදෙස්ගතව සිට ඊයේ (17) රාත‍්‍රියේ මෙරටට පැමිණි බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරයාගෙන් මාධ්‍යවේදීන් නියෝජ්‍ය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මෙලෙස ප‍්‍රශ්න කළා. 

තමන්ට නිල වශයෙන් මෙතෙක් දැනුම් දී නැති බවත් පසුගිය වසර 03 ක කාලයක් සිට තමන්ට නියෝජ්‍ය ඇමතිකමක් ලබා දෙන බව පවසා මෙවැනි ප්‍රවෘත්ති පළවූ බවට මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියා.

ඉකුත් 12වනදා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු අලූතෙන් දිවුරුම් දුන්නා. බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරයාට ද නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදෙන බවත් ඔහු විදෙස්ගතව සිටි බැවින් එදින එය ලබා නොදුන් බවත් ආණ්ඩුවේ පාර්ශවයෙන් පසුව ප‍්‍රකාශ කෙරුණා.