Monday, April 29, 2024

General line - 0115112241

තැපැල් සේවකයින් පා ගමනින් ජනපති කාර්යාලයට (PHOTOS)

ලහිරු කපුගේ




වර්ජනයේ නිරත තැපැල් සේවකයින් මේ වනවිට විරෝධතා පා ගමනකින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙමින් සිටිනවා. ඒ, ජනාධිපතිවරයා වෙත විශේෂ සංදේශයක් භාරදීමේ අරමුණින්. කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුව අසළින් ඔවුන් අද (18) පෙරවරු 11ට පමණ මෙම පාගමන ආරම්භ කළා.  මේ, එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර.

තැපැල් සේවකයින් ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩවර්ජනයට දින 08 ක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් රජයේ කිසිදු කරුණු සොයා බැලීමක් හෝ මැදිහත්වීමක් සිදුකර නැති බැවින් ඒ පිළිබඳව සිය විරෝධය පළකරන බව ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම මෙම පාගමන අවසානයේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධාතාවක් සිදුකරන බවට ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් අට වන දිනටත් අද අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වනවා. ඒ හේතුවෙන් මේ වනවිට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 105කට අධික බවයි පැවසෙන්නේ.