Monday, April 29, 2024

General line - 0115112241

දුම්රියේදී විදෙස් කාන්තාවන් මංකොල්ල කෑ පුද්ගලයින් අත්අඩංගුවට

සමන් පාලිත නානායක්කාර




දෙමෝදර ආරුක්කු  නවයේ පාලමට ආසන්න ප‍්‍රදේශයකදී දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි විදේශීය කාන්තාවන් දෙදෙනෙකු කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙම කාන්තාවන් දෙදෙනා සතුව තිබූ රුපියල් 56,000ක මුදලක් සහ රුපියල් 82,000ක් වටිනා කැමරාවක් ද කොල්ලකා තිබුණා. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (17) අත්අඩංගුවට ගත් අතර කොල්ලකෑ කැමරාවද මේ වනවිට සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 20 සහ 21 යන වයස්වල පසු වූ කැලණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. සිද්ධියට සම්බන්ධ තවත් අයෙකු පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක‍්‍රියාත්මකයි. ස්කොට්ලන්තයේ සිට මෙරටට පැමිණි සහෝදරියන් දෙදෙනෙකුයි මෙලෙස කොල්ලකෑමට ලක්ව තිබුණේ. 

මීට පෙර ද මෙරටට පැමිණි සංචාරකයින්ට සිදු වූ විවිධ කරදර සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වාර්තා වුණා.