Monday, April 29, 2024

General line - 0115112241

ඉන්ෆ්ලූවෙන්සා වැළඳි කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලැබූ තවත් දරුවෙකු මියයයි

ලලිත් චාමින්ද




ඉන්ෆ්ලූවෙන්සා වෛරස් උණ රෝගය වැළඳිමෙන් තවත් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක පවසනවා. මෙම දරුවා කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකෙය් ප‍්‍රතිකාර ලැබුවා. 

ඉකුත් මැයි මාසයේ සිට අද (18) දිනය දක්වා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලැබූ දරුවන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේ.

ඉන් දස දෙනෙකු හෘද වස්තුවේ සිදුරු, මොලයේ ආබාධ, උපතින්ම ඇති වූ ආබාධ සහ විවිධ සංකූලතාවලට ලක්වූ ප‍්‍රතිශක්තිකරණය අඩු දරුවන් බවද ප‍්‍රකාශ කෙරුණා. කෙසේ වෙතත් වෛරස් උණ රෝගය හේතුවෙන් රෝහල්ගත වන දරුවන්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් අඩුවී ඇති බවයි කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.