Monday, April 29, 2024

General line - 0115112241

අගමැති මෝදිට මැතිවරණ පොරොන්දු මතක් කර දෙන්න ඉන්දියානුවෙකුගෙන් අපූරු මෙහෙයුමක්

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සිය මැතිවරණ පොරොන්දු මතක් කරදීම සඳහා කිලෝමීටර් 1350ක් පයින් ඇවිද පැමිණි පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු ඉන්දියාවෙන් වාර්තා වනවා. ඔහු මෙම ගමන ආරම්භ කර ඇත්තේ ඔරිස්සා ප‍්‍රාන්තයෙන්. 

ඒ, දිල්ලිය බලා පැමිණ අග‍්‍රාමාත්‍යවරයා මුණගැසී මැතිවරණ සමයේ ඔහු ලබාදුන් පොරොන්දු මතක් කර දීමටයි. කෙසේ වෙතත් දිල්ලියට ළඟාවීමට කිලෝමීටර් 218ක් තිබියදී මෙම පුද්ගලයා රෝහල්ගත කර තිබෙනවා. 2015දී නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කර තිබුණේ ඔරිස්සා ප‍්‍රාන්තයේ පිහිටි රෝහල ඉතා උසස් පහසුකම්වලින් යුත් රෝහලක් බවට පත්කරන බවයි. එහෙත් මේ දක්වා එය ඉටුවී නැහැ.