සීගිරිය නැරඹීමට පැමිණි චීන ජාතික කාන්තාවක සතුව තිබූ රුපියල් එක් 168,000ක් සහ චීන යුවාන් 2520ක් සොරකම් කළ තවත් චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ චීන ජාතික කාන්තාවන් දෙදෙනා ඇතුළු තිදෙනෙකු සීගිරිය නරඹා ආපසු පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේ එක් කාන්තාවක් සතුව තිබූ මුදල් මෙලෙස අතුරුදන්ව ඇති බව අනාවරණ වී තිබුණා. සොරකම සිදු කළ චීන කාන්තාව එම මුදල් කඩදාසි කොලයක ඔතා වැසිකිලියක කසල බඳුනක් තුළ දමා තිබූ බවයි පොලිසිය පැවසුවේ.