Wednesday, January 8, 2025

General line - 0115112241

තැපැල් වර්ජනයෙන් පීඩාවට පත්වූ වැඩිහිටියන්ට හෙම්මාතගමදී පොලිසිය පිහිට වෙයි

සමන් විජය බණ්ඩාර




තැපැල් වර්ජනය හේතුවෙන් මාසිකව වැඩිහිටියන්ට ලබාදෙන දීමනාව පොලිස් ස්ථානයක මැදිහත්වීමකින් ලබාදුන් අවස්ථාවක් හෙම්මාගමින් වාර්තා වනවා. 

මාවනැල්ල ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රියංගනී පෙතන්ගොඩ පැවසුවේ එම වැඩිහිටියන්ට මාවනැල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණීමට ඇති අපහසුතා මත පොලිසියේ මැදිහත්වීමෙන් මෙම පියවර ගත් බවයි. ඒ අනුව එම ප‍්‍රදේශයේ වැඩිහිටි දීමනාව ලබන 400කට ආසන්න පිරිසක් හෙම්මාතගම පොලිස් ස්ථානයට අද (20) දිනයේ පැමිණ සිය දීමනාව රැගෙන ගොස් තිබුණා. මෙම වැඩිහිටි දීමනාව ලබාදීමට නියමිතව තිබුණේ ඉකුත් 15වනදායි.