පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමය යටතේ ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට රජය සැලසුම් කර ඇති බව සම කැබිනට් ප්‍රකාශ අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ඒ සඳහා වන සංශෝධන ලබන සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි අමාත්‍යවරයා කියා සිටියේ.