Friday, October 18, 2024

General line - 0115112241

අමෙරිකාව කළ දේ ගැන කනගාටුදායකයි - චීනයෙන් දොස්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට අමෙරිකාව ගත් තීරණය සම්බන්ධයෙන් චීනය සිය ප‍්‍රතිචාරය දක්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රොයිටර් වෙත අදහස් දැක්වූ චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු පවසා ඇත්තේ අමරිකාව ගත් තීරණය සම්බන්ධයෙන් සිය රට කනගාටු වන බවයි.

මෙම තීරණය හේතුවෙන් මානව හිමිකම් වෙනුවෙන් සටන්වදින්නෙකු ලෙස අමරිකාව සතුව තිබූ ප‍්‍රතිරූපයද බිඳ වැටී ඇති බවයි චීනය වැඩිදුරටත් පවසන්නේ. කෙසේ වෙතත් සිය රට තවදුරටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සියලූ පාර්ශව සමග කටයුතු කරන බවද චීනය ප‍්‍රකාශ කළා. ලොව පුරා මානව හිමිකම් ආරක්ෂා කිරිමට සිට රට බැඳී සිටින බවයි චීනය වැඩිදුරටත් පැවසුවේ.