Wednesday, January 8, 2025

General line - 0115112241

සම්මත වුණ සයිටම් පනත ගැනත් සැකයක්

සමන්ත කුමාර/දිල්ශාන් තුෂාර




සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂත විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් කිරීමට අදාළ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සමම්ත වුවද  එ් පිළිබදව අධ්‍යයනයක් කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ, එ් පිළිබද කරුණු දක්වන එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා.

අදාළ පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ උසස් අධ්‍යාපනය හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින්. පසුව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සයිටම් සිසුන් කොතලාවල විද්‍යා පීඨයට ඇතුළත් කළ පසු සයිටම් වෛද්‍ය පීඨය සම්පූර්ණයෙන්ම අහෝසි වන බවයි. 

කෙසේ වෙතත් පනත සම්මත වුවද මෙහිගැටලූ කිහිපයක් පවතින බවයි අන්තර් වීශ්ව විද්‍යාලයීය ශීෂ්‍ය බල මණ්ඩලය ප‍්‍රකාශ කළේ. එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ තමන් ආරම්භ කළ අරගලය හමුවේ ආණ්ඩුව යම් පරාජයක් ලැබූ බවයි.
 

මෙම පනත සම්මත වීමත් සමග සයිටම් සිසුන් 982 දෙනෙකු කොතලාවල ආරක්ෂත විශ්ව විද්‍යාලයට අනුයුක්ත කෙරෙනු ඇති. එම සිසුන් පිරිස මසක් ඇතුළත එහි අධ්‍යයන කටයුතු සදහා යොමු කිරීමට බලධාරීන් පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි සයිටම් දෙමාපිය සංසදය පැවසුවේ.