Wednesday, January 8, 2025

General line - 0115112241

මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් අඛණ්ඩව සහය ශ්‍රී ලංකාවට - අමෙරිකානු තානාපති

හර්ෂිකා සංජිවනි




අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවද ශ‍්‍රී ලංකාවට අදාළ යෝජනා ඉටු කිරීමට අඛණ්ඩව සහය ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපති අතුල් කේෂප් රජයට දැනුම් දී තිබෙනවා. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ සංහිඳියා ක‍්‍රියාවලියේදී මෙන්ම දීර්ඝකාලීන සාමයක් උදා කරදීමේ ක‍්‍රියාවලියේදී අමෙරිකාව ශ‍්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බවයි. 

අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව නිවේදනය කිරීමෙන් අනතුරුව තානාපතිවරයා මෙලෙස ශ‍්‍රී ලංකා නිලධාරීන් හමු වී තිබෙනවා. 

ශ‍්‍රී ලංකාව, අමෙරිකාවේ සමඅනුග‍්‍රහය ඇතිව 2015 සහ 2017 යන වසරවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනා දෙකක් ඉදිරිපත් කළා. එම යෝජනාවල ඇති කරුණු සපුරා ගැනීමේදී අමෙරිකාව ශ‍්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදෙන බවයි ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

අදාළ යෝජනාවල ඇති කරුණු සපුරා ගැනීමේදී ශ‍්‍රී ලංකාව ප‍්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවද ඉදිරියේදීත් ශ‍්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශීය සබඳතා ශක්තිමත් කරගන්නා බවද එහි සඳහන්.