අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉවත්වීම ශ‍්‍රී ලංකාව ලද ජයග‍්‍රහණයක් බව විචාරකයින් පවසනවා. ආචාර්ය, නීතිඥ ප‍්‍රතිභා මහනාමහේවා කියා සිටියේ මෙරට නායකයින් ද මෙම අවස්ථාවෙන් ප‍්‍රයෝජනයක් ගත යුතු බවයි.
2015 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනාව ගෙනාවේ අමෙරිකාව බවත් ඒ සඳහා විමර්ශනය කිරීමට හයිබ්‍රිඩ් අධිකරණයක් ගෙන ඒමට කටයුතු කලේ අමෙරිකාව ශ්‍රී ලංකාවේ සහය ඇතිව බවත් දැන් එම යෝජනාව ඔවුන්ම විවේචනය කරනවා. මෙරට නායකයින්ට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන්නම් මෙයයි හොඳම වෙලාව ඒ දෙයින් ඉවත් වන්නයැයි ඔහු සඳහන් කරනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමෙන් පසු යළි ශ‍්‍රී ලංකාවට බලපෑම් කිරීමට අමෙරිකාවට අයිතියක් නොමැති බවයි රියර් අද්මිරාල් සරත් වීරසේකර කියා සිටියේ.
අමෙරිකාව මෙයින් ඉවත් වූවානම් ඒ ගැන බලපෑම් කිරීමට ඔවුන්ට දැන් කිසිම අයිතියක් නැහැ. ලංකාවට එරෙහිව ගෙනා ජිනීවා සම්මුතිය තමයි මෙරට අභිමානයට එරෙහිව ගෙනාව යෝජනාවක්. ඇමෙරිකාව ඉවත්වීම දෙමල ඩයස්පෝරාවට වැදුණු හොඳ ඇතුල් පහරක් යැයි ඔහු කියා සිටියා.