Wednesday, November 27, 2024

General line - 0115112241

යුරෝපා සංගමය අමෙරිකාව සමග හැප්පෙයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවට එරෙහිව නව තීරු බදු පැනවීමට යුරෝපා සංගමය ද සූදානම් වනවා. එම සංගමයේ ඉහළ පෙලේ නිලධාරිනියක් උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසන්නේ හෙට සිට මෙම තීරණය කි‍්‍රයාත්මක කරනු ඇති බවයි. යුරෝපයෙන් සිදු කරන ඇලූමිනියම් හා වානේ සඳහා නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පසුගියදා කටයුතු කළා.

ඊට ප‍්‍රතිචාර දක්වමිනුයි යුරෝපා සංගමය ද මෙලෙස අමෙරිකාවට එරෙහිව නව තීරු බදු පැනවීමට සූදානම් වන්නේ. 

ඒ අනුව අමෙරිකාවෙන් යුරෝපයට ආනයනය කරන ඩෙනිම් කලිසම්, යතුරු පැදි, ආහාර වර්ග කිහිපයක් සහ මත්පැන් වර්ගයක් සඳහා නව තීරු බදු පැනවෙනු ඇති.