Wednesday, January 8, 2025

General line - 0115112241

මෝදර - මාදම්පිටිය මාර්ගයේ රථ වාහන ධාවනය දින 03කට සීමා කෙරෙයි

හර්ෂිකා සංජිවනි




මෝදර - මාදම්පිටිය මාර්ගයේ මහවත්ත හංදියේ සිට බෝගහ හංදිය දක්වා මාර්ගයේ රථ වාහන ධාවනය හෙට (22) රාත‍්‍රී 9 සිට ලබන 25 වනදා අලූයම 05 දක්වා සීමා කර තිබෙනවා. ඒ, නව ජලනල එළීම සඳහා සිදු කෙරෙන කැණීම් කටයුතු හේතුවෙන්. ඒ සඳහා විකල්ප මාර්ග කිහිපයක් හඳුන්වා දී ඇති බවයි පොලිසිය පැවසුවේ. 

මාදම්පිටිය හංදියෙන් ගනේමුල්ල පාර, ධවලසිංහාරාමය පාර ඔස්සේ පඤ්ඤානන්ද මාවතට ගමන් කළ හැකි වනවා. පඤ්ඤානන්ද මාවතෙන් පැමිණෙන වාහනවලට ධවලසිංහාරාම පර ඔස්සේ ධාවනය නොකර බෝගහ හංදිය පසුකර බ්ලූමැන්ඩල් පාරට ගමන් කළ හැකි බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම මීගමුව මාර්ගයෙන් පැමිණෙන බර වාහනවලට තොටලග හංදියෙන් මාදම්පිටිය පාරට ඇතුළු නොවී ඉඟුරුකඬේ හංදිය දෙසට ධාවනය කළ හැකියි.