Thursday, September 19, 2024

General line - 0115112241

මැතිව්ස් මුරලිගේ සහයට එයි – කරන්නම දෙයක් නැතිවෙන එක ගැනත් කියයි!



සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය හෙට ආරම්භ වනවා.

ටෙස්ට් ඉතිහාසය සලකා බැලීමේදී මේ වන විට දෙරට අතර ටෙස්ට් තරඟ 26 පවත්වා ඇති අතර ඉන් තරඟ 17ක්ම ජයගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.එහිදී ශ්‍රිලංකා කණ්ඩායම ජයගෙන ඇත් එක් තරඟයක් පමණක් වන අතර තරඟ 08ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

හෙට ආරම්භවන තරඟයේ ශ්‍රීලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳ පැහැදිලි කිරිමට අද මාධ්‍ය හමුවක් පැවැත් වුණා..

“අවාසනාවකට සුරංග ලක්මාල් හා ධනංජය ද සිල්වා අබාධයන්ට ලක්වෙලා තිබෙනවා. ඔවුන් ක්‍රීඩාකරනවාද යන්න තීරණය වන්නේ හෙට දිනයේ තමයි. නමුත් ධනංජය ද සිල්වා මම හිතනවා හෙට තරගයට ක්‍රීඩාකරන්න සුදුසු තත්ත්වයේ ඉදියි කියලා. එහෙත් සුරංග ලක්මාල් ගැන විස්වාස නැහැ” මැතිව්ස් අද පැවති මාධ්‍ය සාකච්චාවේදී පවසා සිටියේය.

මුත්තයියා මුරලිදරන්ගේ සහය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවීම පිළිබඳවද මැතිව්ස් මෙහිදී පවසා සිටියා.

“ඕනම කෙනෙකු දන්නවා ඔහු (මුරලි) ලංකාවට කරලා තිබෙන සේවය. එය අගය කරන්න ඕන. ඔහු ආසියානු කලාපයේ සෑහෙන්න කඩුලු අරන් තිබෙනවා. එම නිසා ඔහු වටිනවා කියලා හිතලා, ඔහුගේ අත්දැකීම් ඔස්ට්‍රෙලියාව ප්‍රයෝජනයට ගත්තා. මම හිතනවා ඉදිරියේදි ඔහුගේ සේවය අපේ කණ්ඩායමටත් යොදාගන්න පුළුවන් කියලා. මෙය වෘත්තීය මට්ටමේ දෙයක්, ඒ හැරෙන්න අපි කාටවත් කියන්න බැහැ මුරලි අපේ කණ්ඩායම එක්ක වැඩකළේ නැහැ, වෙන කණ්ඩායමක් එක්ක වැඩ කළා කියන එක” කියන්න.

නවක ක්‍රීඩකයන් සංචිතයට කැඳවීම, ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙන අවස්ථාවන් හා අද තරගයට තිබෙන සූදානම පිළිබඳව මැතිව්ස් දක්වා සිටියේ මෙවන් අදහසක්,

“අපි හුගක් කථාබහ කළා අපිට කරන්න පුළුවන් දේ ගැන. පුහුණුවීම් කටයුතු හැම දෙයක්ම අපි පුළුවන් විදියට කරලා තිබෙනවා. දැන් කරන්න තිබෙන්නේ හොදට ක්‍රීඩාකරන එක. නවකයන් සංචිතයේ ඉන්නවා. නමුත් කරන්න දෙයක් නැහැ, අපි ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම සමග ක්‍රීඩා කරන්නේ. අපි ඒ අභියෝගය භාරගන්න ලෑස්තියි.

ක්‍රීඩාකරන එකළොස්දෙනා ගැනම මට ලොකු විස්වාසයක් තිබෙනවා. නමුත් අවාසනාවකට අපට ඉන්න හොදම පන්දු යවන්නන් ටික ආබාධයට ලක්වෙලා. නමුත් එහෙම කියලා අපට මේ තරගය ක්‍රීඩා නොකර ඉන්න බැහැ. කෙසේ හෝ මේ තරගය අපි හොදින් ක්‍රීඩාකළ යුතුයි” මැතිව්ස් පවසා සිටියේය.